ස්වර්ණාභරණ හොරු අරන්



ප‍්‍රංශයේ පැරිස් නුවර රිට්ස් සුඛෝපබෝගී හෝටලයේ නැවතී සිටි සෞදි කුමරියකට අයත් ඇමෙරිකන් ඩොලර් 9,30,000 ක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව ප‍්‍රංශ පුවත් සේවා වාර්තා කර තිබේ.

ස්වර්ණාභරණ තමා නවාතැන් ගත් සුඛෝපබෝගී කාමරයේ තිබුණු බවත් ඒවා අතුරුදන් වී ඇති බවත් පවසමින් සෞදි කුමරිය හෝටලයේ කළමණාකරුට සහ පැරිස් පොලිසියට පැමිණිලි කර ඇත. කුමරිය කවුරුන්දැයි මාධ්‍ය වෙත තොරතුරු ලැබී නැති බව ද පුවත් සේවා වැඩිදුරටත් කියා සිටී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS