ස්වයංක්‍රීය ඖෂධාලය



සෞදි අරාබියේ ස්වයංක්‍රීයකරණය කළ පළමු ඖෂධාලය විවෘත කළබව නිවේදනයක් නිකුත් කරමින් සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වෛද්‍යවරුන් නිර්දේශ කරන බෙහෙත් නිවැරදිව හඳුනාගෙන රෝගියා වෙත ලබාදීමට ඖෂධාලය තුල සවිකර ඇති රොබෝවරයාට හැකියාව ඇති බව වාර්තා වේ.

රෝගීන්ගේ ආරක්ෂාව සහ අඩු කාලයකින්වැඩි රෝගීන් සංඛ්‍යාවකට බෙහෙත් නිවැරදිව ලබාදීමට ස්වයංක්‍රීයකරණය තුලින් හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

රෝගීන්ට බෙහෙත් ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS