ස්මාර්ට් තෙල් බැරලක්



ස්මාර්ට් තෙල් බැරලයක් ඔක්තෝබර් 21 දින ඩුබායි නුවරදී එළිදක්වා ඇති බව වාර්තා වේ.

“GoTech2019’’ ගෑස් හා තෙල් තාක්‍ෂණ ප්‍රදර්ශන සමුළුවේදි ස්මාර් තෙල් බැරලය එළිදැක්වීමට කටයුතු කර ඇත.

අදාල තාක්ෂණික ප්‍රදර්ශන සමුළුව ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී ඔක්තෝබර් 21,22,23 දිනයන්වල පැවැත්වීමට කටයුතු කර ඇත.

ලෝකයේ ප්‍රධාන තෙල් සමාගම් සියයකට වැඩි සංඛ්‍යාවක් ප්‍රදර්ශන සමුළුවට සහභාගි වන අතර ප්‍රදර්ශන සමුළුව හරහා සමගම් සතුව ඇති නවීන තාක්ෂණය එළිදැක්වීමට අවස්ථාව හිමි වෙයි.   

“GoTech2019’’ ඩුබායි නියෝජ්‍ය පාලක සහ මුදල් අමාත්‍ය, ෂෙයික් හම්දාන් බින් රෂීඩ් අල්-මක්ටූම්ගේ අනුග්‍රහය යටතේ පැවැත්වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS