ස්නයිපර් ප්‍රහාරවලින් සෞදි සෙබළු 64 ක් මියගිහින්



යේමනයේ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන්ට සහාය පළ කරන, හමුදා ස්නයිපර් තුවක්කුකරුවන්ගේ ප්‍රහාරවලින් පසුගිය අප්‍රේල් මාසයේ දී පමණක් සෞදි හමුදා සෙබළුන් 64 දෙනකු මියගිය බව ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

සෞදි රජය යේමනයට ඔවුන්ගේ හමුදාව යොදවා ඇත්තේ යේමන රජය පෙරළා බලය අල්ලා ගත් හවුති කැරැලිකරුවන් සමඟ සටන් වැදීමටය. කැරැලිකරුවන්ගේ සහායට යේමන හමුදා සොල්දාදුවෝ ද එක් වී සිටිති.

යේමන අර්බුදයේ දී ඇමෙරිකාව සහාය දක්වන්නේ සෞදිය සහ සෞදියට හිතවත් අරාබි රටවලටය. ඇමෙරිකන් ගුවන් හමුදාව ද යේමනයේ හවුති කරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS