ස්කයිප් නෑ



ලෝකයේ බොහෝ අන්තර්ජාල පරිශීලකයින් අතර ප්‍රසිද්ධ ක්ෂණික පණිවිඩ සහ විඩියෝ චැට් සේවාවන් සපයන මෘදුකාංගයක් බවට පත් වී ඇති Skype මෘදුකාංගය එක්ස්ත් අරාබි එමිරේටය තුල භාවිතා කිරිමට නොහැකි බව එම මෘදුකාංගය භාවිතා කරන පරිශිලයින් Skypeආයතනයට පැමිණිලි කර ඇති බවඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය  වාර්තා කර ඇත.

එමිරේට්ස් පරිශීලකයින් යොමු කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතර ඒ සම්බන්ධයෙන් අපට කල හැක්කේ ඉතා සුළු දෙයක් පමණක් බවත් කළ යුතු හොඳම දේ වන්නේ එමිරේට්ස් රාජ්‍යය තුල තමන් භාවිතා කරන අන්තර්ජාල සේවා සපයන ආයතනයට කතා කර Skypeමෘදුකාංගය භාවිතා කිරීමට අවහිර කර ඇත්තේ කුමණ කාරණයක් නිසාද යන්න අසා නැවත එම සේවාව සක්‍රීය කරන ලෙසට ඉල්ලා සිටීම බව Skype සහ Microsoft සමාගම් නිවේදනයක් මඟින් එමිරේට්ස් Skypeපරිශීලකයින් ගෙන් ඉල්ලීමක් කර ඇත. 

Skypeමෘදුකාංගය සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නය පිළිබදව එමිරේට්ස් විදුලි සංදේශ නියාමන අධිකාරිය (TRA) මේ වන විටත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS