සහයෝගයෙන් කටයුතු කරන්න කැමැත්තෙන්



ඇෆ්ගනිස්ථානයේ සාමය ඇති කිරීම සඳහා එක්සත් අරාබි එමිරෙට්ස් රාජ්‍යය සහ පකිස්ථානය සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වී ඇති බව වාර්තා වේ.

අබුඩාබි ඔටුන්න හිමිකුමරු, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් සහ පකිස්ථාන අගමැති, ඉම්රාන් ඛාන් අතර සාකච්ඡාවක් ඉස්ලාමාබාද් නුවරදි පවත් වා ඇත.

ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය සම්බන්ධයෙන් නායකයන් දෙදෙනා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ත්‍රස්තවාදය අතුගා දැමීමට, සංවර්ධනයට සහ සාම ක්‍රියාවලියට උපරිම අයුරින් දායකත්වය ලබාදීමට එකඟ වී ඇත.

ඇෆ්ගනිස්ථානයේ සාමය ඇති කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග කීපයක් ඉදිරියේදි ගැනීමට නායකයන් දෙදෙනා පොරොන්දු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS