සහන ඒජන්සිය නවත්වයි



පලස්තීන සරණාගත වෙනුවෙන් ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සිය හෙවත් ‘උන්ර්වා’ සඳහා ලබා දෙන සියලුම මූල්‍ය ප්‍රතිපාදන නැවැත්වීමට ඇමෙරිකාව තීරණය කර තිබේ.

පලස්තීන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහ සෞඛ්‍ය කටයුතු පමණක් නොව, පලස්තීන වැසියන් වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරන්නේ මෙම ඒජන්සිය බව පැවැසෙයි.

ඒජන්සියේ කටයුතු පිළිබඳ පුළුල් අධ්‍යනයක් සිදු කළ බවත් එහිදී පෙනී ගියේ නිසි ලෙස එහි කටයුතු සිදු නොවන බවත් යැයි ඇමෙරිකාව පවසා ඇත.

පලස්තීනුවන් අසරණ කිරීමෙහිලා ඇමෙරිකාව මෙසේ තවත් ප්‍රහාරයක් එල්ල කළේ යැයි පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් චෝදනා කර තිබේ. ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිරීති උල්ලංගනය කරමින් ක්‍රියා කරනවා යැයි ද අබ්බාස් වැඩි දුරටත් පවසා ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS