සල්මාන් රජු ඉරානයට දෙහි කපයි



කලාපීය රටවල ආරක්ෂාවට ඉරානය තර්ජනයක් බව සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞද් රජු චෝදනා කරයි.

සල්මාන් රජු ඉරානයට මෙසේ චෝදනා කළේ, ෂූරා කවුන්සිලය (සෞදි පාර්ලිමේන්තුව) ඇමතූ අවස්ථාවේදීය. සල්මාන් රජු මිනිත්තු 8 ක් ඉරානයට දොස් කී බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඉරානයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා සහ මිසයිල සෞදියට පමණක් නොව, මැදපෙරදිග කලාපයට තර්ජනයක් බවත්, කලාපීය ආරක්ෂාව වෙනුවෙන් සහ සෞදියේ ආරක්ෂාව වෙනුවෙන් ඉරානයට එරෙහිවීමට සෞදියට අයිතියක් ඇති බවත් සෞදි රජු ෂූරා කවුන්සිලය අමතමින් අවධාරණය කළේය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මෙන්ම, එරට බැලැස්ටික් මිසයිල වැඩසටහන ද කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමින් සල්මාන් රජු වැඩිදුරටත් කියා සිටියේ, ඉරානයට එරෙහිව අන්තර් ජාතික ප්‍රජාව ද නැගී සිටිය යුතු බවය.

රියාද්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS