සල්මාන් කුමරු ඉන්දියාවට



සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය.

ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින්, ඉන්දියාව සමඟ පවතින මිතුදම් වර්ධනය කුමරුන්ගේ මෙම සංචාරයේ අරමුණ වෙයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවෙද්දී, සෞදි රජය විසින් එරට පුරවැසියකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන ‘කිංග් අබ්දුල්ලාසි ෂා’ යන නාමය සෞදි කුමරුන් අතින් ඉන්දීය අගමැතිවරයාට පිරිනැමීමට ද නියමිතය.

වෙළෙඳ සහ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් නොව, ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද ඉන්දීය අගමැතිවරයාගේත් සෞදියේ සල්මාන් කුමරුන්ගේත් අවධානය යොමු වනු ඇති බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS