සරණාගතයෝ ලෙබනනයට



ලෙබනනයේ රැඳී සිටින සිරියානු සරණාගතයන් පිරිසගේ ඥාතීන් පිරිසක් සිරියාවේ සිට දේශසීමා හරහා ලෙබනනයට පැමිණ ඇතැයි වාර්තා වේ.

සිරියානුවන් 300 ක පිරිසක් මෙසේ, සිරියාවේ සිට ලෙබනනය බලා ගොස් ඇත්තේ ට්‍රක් රථ සහ වෑන් රථ තුළ සිරවෙමිනි.
දේශසීමා හරහා ඔවුන් ලෙබනනයට ගොස් ඇත්තේ විශේෂ ආරක්ෂාවක් මැද යැයි ද පැවැසෙයි.

අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ගෙන් නගර සහ පළාත් රැසක් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත් වී සිටියත්, සිරියාවේ තවමත් යුද ගැටුම් පවතී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS