සරණාගතයන්ට ගැටලුවක්



ලෙබනනයට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, පළාත් රැසකින් ජල ගැලීම් වාර්තා වන බවත්, ලෙබනනයේ සරණාගත කඳවුරුවල රැඳී සිටින සිරියානු සරණාගතයන් එයින් පීඩාවට පත් වී සිටින බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සිරියාවේ යුද ගැටුම් හේතුවෙන් ලෙබනනයේ සරණාගත කඳවුරුවල වෙසෙන සිරියානු සරණාගතයන් පිරිස 70,000 කි. සිරියාවේ යුද ගැටුම් මේ වනවිට අවසන් වෙමින් පවතින නමුත් යළි තම ගම් බිම් බලා යෑමට සිරියානු සරණාගතයෝ බිය පළ කර සිටිති.

(අල් ජසීරා)


RECOMMEND POSTS