සරණාගතයන්ට ආධාර



බංගලිදේශයේ සරණාගත කඳවුරුවල ජීවත් වන රෝහින්යා සරණාගතයින්ට මානුෂීය  ආධාර යැවීමට කටයුතු කරන ලෙස එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ උප ජනාධිපති,  අගමැති සහ ඩුබායි පාලක,ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටූම් නියෝග කර ඇති බව වාර්තා වේ.

දෙසැම්බර් 06, 11 සහ 13 යන දිනයන් වලදී ගුවන් යානා තුනකින් මානුෂීය ආධාර බංගලිදේශයට යැවීමට එමිරේට්ස් බලධාරීන් කටයුතු කරන බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS