සරණාගතයන් මුහුදට තල්ලු කරලා



යේමනය ආශ්‍රිත මුහුදේදී මිනිස් ජාවාරම්කරුවන් විසින් සෝමාලියානු හා ඉතියෝපියානු සරණාගතයින් පිරිසක් මුහුදට දමා මියයන්නට සලස්වා ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි.

යේමනය හරහා ගල්ෆ් කලාපයේ රටවල් වෙත ජාවාරම්කරුවන් විසින් රැගෙනයමින් සිටි සරණාගතයින් 120 දෙනෙකුගෙන් පිරිසක් මෙලෙස බෝට්ටුවලින් මුහුදට තල්ලු කර ඇති බව එම ආයතනය පෙන්වා දෙයි.

එහිදී මියගිය සරණාගතයින් 29 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති තවත් 27 දෙනෙකු සහන සේවකයින් පිරිසක් විසින් බේරාගෙන ඇති බව සඳහන් වෙයි. කෙසේ වෙතත් තවත් 22 කු පමණ දියේ ගිලී අතුරුදන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය පවසයි.

ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබීම හේතුවෙන් සරණාගතයින් මුහුදට තල්ලු කිරීමට ඔවුන් පියවර ගත් බව දිවි බේරාගත් සරණාගතයින් ප්‍රකාශ කර තිබේ

(තිළිණි ද සිල්වා)

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS