සරණාගතයන් ගෙන්වා ගන්න



ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය සමඟ ඇති කරගන්නා ලද එකඟතාව අනුව කැනඩාව, ඉතාලිය සහ ජර්මනිය එරට සිටින අප්‍රිකානු සරණාගතයන්ගෙන් පිරිසක් එම රටවලට ගෙන්වා ගත යුතු බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු අප්‍රේල් 2 පැවැසීය. 

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනයේදී ඇති කරගන්නා ලද එකඟතාව අනුව ඊශ්‍රායලයේ සිටින අප්‍රිකානු සරණාගතයන්ගෙන් 16,000කට ආසන්න පිරිසක් බටහිර රටවලට යැවීමට ඊශ්‍රායලය සූදානම් වන බව හෙතෙම කීවේය.

“එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස්වරයා සහ එම සංවිධානය ඊශ්‍රායලය සමඟ එකඟතාවක් ඇති කරගත්තා. ඒ අනුව කැනඩාව, ඉතාලිය සහ ජර්මනිය යන රටවල් ඊශ්‍රායලයේ සිටින අප්‍රිකානු සරණාගතයන් 16,250 දෙනා බාරගෙන එම රටවල් සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ සහය සහ ශ්‍රමය යොදාගන්න. එය එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පෙන්විය යුතු කැපවීමක්, එය ඔවුන්ගේ කැපවීමක් සහ බැඳීමක්” යැයි හෙතෙම තවදුරටත් කීවේය.

(රොයිටර්)


RECOMMEND POSTS