සරණාගතයන් 200 වඩා සැත්කම් කරලා



කුවේට් ස්වේච්ඡා වෛද්‍ය කණ්ඩායමක් ජෝර්දානයේ සිරියානු සරණාගතයින් 200 කට වැඩි පිරිසකට සැත්කම් සිදුකර ඇති බව වාර්තා වේ.

විවිධ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සැත්කම් සිදුකිරීම සඳහා සහභාගි වී ඇත. 

යුද්ධයෙන් තුවාල ලබා සරණාගත කඳවුරුවල සිටින සරණාගතයන්ට සැත්කම් සිදුකිරීම ප්‍රධාන අරමුණ වු බව වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි, මුත්‍රා හා වඳභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය, අහමඩ් අල්-කන්දරි පැවසීය

වෛද්‍ය කණ්ඩායමට වෛද්‍යවරුන් සහ පරිපූරක වෛද්‍යවරුන් තිස් දෙනෙකු (32) , විශේෂඥ වෛද්‍යවරුන්,හෙදියන්,කාර්මික ශිල්පීන් සහ පරිපාලකයින් ඇතුළත් වේ.

සිරියානු සරණාගතයින්ට සිදුකරන ලද සැත්කම්වල මුළු වටිනාකම කුවේට් ඩිනාර් 200,000 (ඇමරිකානු ඩොලර් 567,700) ක් වන අතර වෛද්‍ය කණ්ඩායම කලින් පැමිණඅවස්ථාවේදි සැත්කම් 250 ක් පමණ සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS