සරණාගත කඳවුරේ බෝම්බයක් පිපිරේ



බටහිර ඉරාකයේ අන්බාර් පළාතේ පිහිටි සරණාගත කඳවුරක බෝම්බයක් පුපුරා යෑමෙන් සිවිල් වැසියෝ 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

බෝම්බය පුපුරුවන්න ඇත්තේ දයේෂ් ත්‍රස්තවාදීන් යැයි පැවැසෙයි. මෙම සරණාගත කඳවුර පිහිටා ඇත්තේ රාමාදී නුවරට නුදුරිනි. කඳවුරේ රැඳී සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් උන්හිටිතැන් අහිමි වුණු පිරිස් යැයි ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS