සයිබර් ප්‍රහාරකයන් අල්ලයි



කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සයිබර් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මධ්‍යස්ථ කමිටුවක් පත් කිරීමට තොරතුරු අමාත්‍ය, මොහොමඩ් අල්-ජබ්රි කටයුතු කර ඇත.

කුවේටයේ සිටින සියලුම එක්සත් ජනපද හමුදා වහාම ඉවත් කිරීමට කුවේට් රජය කටයුතු කරන බවට සයිබර් ප්‍රහාරකයන් කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට අයත් ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර තිබු බවත්, සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව කුවේට් සන්නිවේදන කාර්යාල ප්‍රධානී, තාරෙක් අල්-මුසරෙම්පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS