සයිබර් ප්‍රහාර මඩින්න බළකායක්



කුවේට් රාජ්‍යයට එල්ල වන සයිබර් ප්‍රහාරයන් මැඩලීම සඳහා පරිගණක විශේෂඥයින්ගෙන් සමන්විත සයිබර් ආරක්ෂණ බලකායක් කුවේට් රජය පිහිටුවා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විශේෂඥයින් අටදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සයිබර් ආරක්ෂණ බලකායට නායකත්වය දෙන අතර කුවේටයේ අධි-සංවේදි තොරතුරු සහ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ඇති තොරතුරු ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කිරීම බලකාය සතු ප්‍රධානතම වගකීම වේ.

පසුගිය කාලය තුල කුවේට් බැංකු සයිබර් ප්‍රහාරයන්ට ලක්වීම විශේෂත්වයකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS