සය නිවුන් දරු උපතක්




ලෙබනනයේ ශාන්ත ජෝර්ජ් විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ දී සය නිවුන් දරු උපතක් සිදුව ඇතැයි ජීඩී එන් ඔන් ලයින් වෙබ් අඩවිය කියයි.

දියණියන් තිදෙනෙකු හා පුතුන් තිදෙනෙකෙු ඒ අතර සිටින බව ද එම වෙබ් අඩවිය කියයි.

මෙම දරුවන්ට උපත දී ඇති මව තවත් දරුවන් සිව් දෙනෙකු ගේ මවක වන බව ද එම වාර්තා සඳහන් කරයි.
සය නිවුන් දරුවන් ඉපැදීම ලොව දුලබ සිදුවීමකි.

දරුවන් හය දෙනාම ජීවත් කරවිය හැකි තත්ත්වයේ සිටින බවත්, මේ වනවිට ඔවුන් ඉන්කියුබේටර් තුළ තබා ඇති බවත් ශාන්ත ජෝර්ජ් විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානය ජීඩී එන් වෙබ් අඩවියට පවසා ඇත.

මෙම සය නිවුන් දරුවන්ගේ මව මීට පෙර ඇගේ දරුවන් සිව් දෙනා ගෙන් තිදෙනෙකුටම උපත ලබා දී ඇත්තේ සිසේරියන් සැත්කම් මඟිනි. එහෙත් මෙම සය නිවුන් දරුවන් සය දෙනාම ස්වබාවික අන්දමින් උපත ලබා ඇති අතර එහි දී මවට කිසිදු ආබාධයක් ඇති වී නැතැයි පැවැසේ.

කෙසේ වෙතත් මෙම මව්පියන් පස්වන දරු උපතක් බලාපොරොත්තු නොවූ බව ද එහි සඳහන් ව තිබේ.  

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS