සමූහ මිනීවලක් සොයා ගනියි



කුවේට් යුධ සිරකරුවන් මරා වල දැමු සමූහ මිනිවලක් ඉරකයේ අල්-මුතන්නා පළාතෙන් සොයා ගෙන ඇත.

අල්-මුතන්නා පළාතේ කාන්තාර ප්‍රදේශයකින් සමූහ මිනීවල සොයා ගෙන ඇති අතර මරා දමා ඇති පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ඩි.එන්.ඒ පරික්ෂණ සිදුකරන බව අල්-මුතන්නා ආණ්ඩුකාර, අහමඩ් මන්ෆි ප්‍රකාශ කළේ ය.

ඉරාක ආරක්ෂක සහ බුද්ධි අංශ සමූහ මිනීවල පිළිබඳ මුලික තොරතුරු රැසක් සොයාගෙන ඇති අතර නීතිමය පියවර ගැනීම සඳහා අදාල බලධාරීන්ට භාරදීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS