සමුළුවේ වැඩි අවධානය ආරක්ෂාව



සෞදි රජු, සල්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ගේ සභාපතිත්වයෙන් පැවැත්වෙන 38 වන ගල්ෆ් සහයෝගිතා සමුළුවේදි කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව වාර්තා වේ.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් එල්ල වී ඇති දේශපාලනික බලපෑම් පිළිබඳවද අවධනය යොමු කරන බව ගල්ෆ් සහයෝගිතා සමුළුවේ මහලේකම්, ආචාර්ය අබ්දුල්ලාටිෆ් අල්-සයනි ප්‍රකාශ කළේය. 

සාමාජික රටවල් මුහුණ දී ඇති ප්‍රශ්නවලට විසදුම් ලබාදීම, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගෙන යෑමට සහයෝගය දැක්වීම සමුළුවෙන් අපේක්ෂා කරන අතර සියලුම සාමාජික රටවල්වලට සමුළුව ඵලදායි එකක් වනු ඇති බවට මහලේකම්වරයා විශ්වාසය පළ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS