සමුළුවට විරෝධය



ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් මැදපෙරදිග රටවල සහභාගීත්වයෙන් පෝලන්තයේ වෝෂෝ නුවරදී පැවැත්වීමට නියමිත ‘ඉරාන විරෝධී’ සමුළුව සම්බන්ධයෙන් ඉරානයෙන් පෝලන්ත රජයට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ ලෝකයට ඉරානයෙන් එල්ල වන බලපෑම් සහ අභියෝග සම්බන්ධයෙනි.

පෝලන්ත රජය එම සමුළුව පැවැත්වීමට කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමත්‍යාංශය එරට පෝලන්ත තානාපතිවරයා කැඳවා ප්‍රශ්න කර ඇතැයි ද වාර්තා වේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS