සමුළුව අමතන්න ට්‍රම්ප්-රොව්හානී සූදානමින්



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ඇමැතීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති හසන් රොව්හානී සූදානම් බව වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අද (24) සමුළුව ඇමතීමට සූදානමින් සිටි අතර, ඉරාන ජනාධිපති හෙට (25) සමුළුව අමතනු ඇතැයි පැවැසෙයි.මෙවර පැවැත්වෙන්නේ එක්සත් ජාතීන්ගේ 74 වැනි මහා මණ්ඩල සැසියයි. සැසිය සුපුරුදු පරිදි ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේය.

ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය පමණක් නොව, යුද උණුසුම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයාගේත් ඉරාන ජනාධිපතිවරයාගේත් අවදානය යොමු වනු ඇත.

සෞදියේ තෙල් ගබඩා සංකීර්ණවලට එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරය පසුපස ඉරානය සිටිනවා යැයි ඇමෙරිකාව චෝදනා කරයි. ඉරානය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

සෞදියට එල්ල වූ එම ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව සහ ඉරානය අතර නිර්මාණය වූ මෙම නව අර්බුදය පිළිබඳ කථිකාවතක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය වේදිකාවක් සපයනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දී ඇත.

නිව්යෝක් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS