සමාජ ජාලවලින් ප්‍රවේසම් වන්න



සමාජ ජාල වෙබ් අඩවි සහ ඒවාට සම්බන්ධ මෘදුකාංග භාවිතා කිරීමේදි වඩාත් සැළකිලමත් වන ලෙස එමිරේට්ස් බලධාරීන් ජනතාවගෙන්ඉල්ලීමක් කර ඇති බව එමිරේට්ස් මාධ්‍ය වාර්තා කළේය.

සිත් ඇදගන්නා ආකාරයෙන් නිර්මාණය කරන ලද පණිවිඩ සමාජ ජාල ගිණුම්වලට යොමුකරපෞද්ගලික තොරතුරු,  පරිශීලක නාමය, මුරපදයසහ ක්‍රේඩිට් කාඩ් අංක ලබාගැනීමට පුද්ගලයින් උත්සහ කරන බවට තොරතුරු ලැබී ඇති බව එමිරේට්ස් බලධාරීන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කිසිදු හේතුවක් නොමැතිව පෞද්ගලික සහ අතිශයින්ම වැදගත් තොරතුරු සමාජ ජාල වෙබ් අඩවිවල පළ නොකරන ලෙසත් යම් හෙයකින් එවැනි තොරතුරු පළ කර ඇතිනම් හැකි ඉක්මණින් ඉවත් කරන ලෙසත් නොදන්නා පුද්ගලයින් මිතුරන් ලෙස සමාජ ජාල ගිණුම්වලට එකතු කර නොගන්නා ලෙස සමාජ ජාල පරිශීලකයින්ගෙන් එමිරේට්ස් බලධාරීන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS