සමාජ ජාලයට දැම්මොත් මිලියන 3ක්



සෞදි අරාබිය අලුතින් හඳුන්වා දුන් නීතියට අනුව, ආගමට එරෙහිව පළ කරනු ලබන දේවල් සම්බන්ධයෙන් සමාජ ජාල පරිශිලයන්ට විරුද්ධව වසර පහක සිරදඩුවමක් හෝ රියාල් මිලියන තුනක (03) දඩ මුදලක් නියම කරන බව සෞදි රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය ප්‍රකාශ කළේය.

ආගමට විරුද්ධ දේවල් තමාගේ ගිණුමේ බෙදාහරින (share) පුද්ගලයන්ට උපරිමය වසර පහක සිර දඩුවමක්ද, පුළුල් ලෙස ප්‍රචාරය කරන පුද්ගලයන්ට රියාල් මිලියන 03ක දඩමුදලක් නියම කරන බව අධිකාරියට අයත් නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කර ඇත.

සෞදි බොග්කරුවෙක් වු රයිෆ් බඩාවි ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයෙන් ප්‍රචාරය කිරීම හේතුවෙන් 2012 වසරේදි වසර දහයක සිර දඩුවමක් සහ කස පහරවල් 1,000ක් සෞදි අධිකරණය නියම කළේය.

මෙවැනි ආකාරයේ දැඩි දඩුවම් ලබාදීම තුලින් ආගමට එරෙහිව ක්‍රියාත්මක වෙන පුද්ගලයින් අඩපන කිරීමට සෞදි රජය අපේක්ෂා කරයි.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට්)


RECOMMEND POSTS