සමාජ ජාල අක්‍රිය කරලා



නීති විරෝධී ක්‍රියාවන් සදහා සමාජ මාධ්‍ය ජාල භාවිතා කළ එක්සත් අරාබි එමීරයේ වැසියන් 13 දෙනෙකුගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ජාල ගිණුම් අක්‍රීය කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මාධ්‍ය හරහා මත් ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකිරීම හේතුවෙන් මෙසේ  ගිණුම් කර ඇතැයි ද එම ගිණුම් හිමියන් අත් අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තාවේ.

අජ්මාන් ආරක්ෂක අංශයේ උසස් පොළිස් නිලධාරියෙකු මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශකර ඇත්තේ එරට සමාජ මාධ්‍ය ජාල නීති රිති පිළිබඳව කටයුතු කරන බලධාරී හා වගකිවයුත්තන්ගේ අනුදැනුම හා අධීක්ෂණය යටතේ මෙලෙස ගිණුම් වසා දැමූ බවයි.

එමෙන්ම, සමාජ මාධ්‍යජාල භාවිත කරන එරට පුද්ගලයින්ටද අනතුරු හඟවමින් හෙතෙම පෙන්වා දී ඇත්තේ මාධ්‍ය භාවිතය පිළිබඳව නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම් කරන අතරම නීති විරෝධී හා එරට සයිබර් නීතියට අදාළ නිති රෙගුලාසි කඩකරන්නන් ගැන නිරන්තරයෙන් අවධානය යොමුකර තිබෙන බවත් ඊට එරෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්ය.

තවද,එරට මත්ද්‍රව්‍ය මර්දන දෙපාර්තමේන්තුව වෙත අදාළ සිදුවීම් සම්බන්ධ වාර්තා නිකුත් කිරීමෙන් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් පහසුවෙන්ම අනාවරණය කර ගැනිමට හැකියාවක් ලැබෙන අතරම ඔවුන්ට එරෙහිද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් සදහන්.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS