සම්බාධක ඉවත් කරන්නැයි සිරියානු රජයෙන් ඉල්ලීමක්



බටහිර රටවල් පනවා ඇති සම්බාධක ඉවත් කර, භූමි කම්පාවෙන් විපතට පත්වුණු සිරියානු වැසියන්ට කඩිනමින් ආධාර ලබා දෙන්නැයි සිරියානු රජය රතු කුරුස සංවිධානයෙන් මෙන්ම, රතු අඩකව සංවිධානයෙන් ද ඉල්ලීමක් කර තිබේ.

බටහිර රටවල් සිරියාවට එරෙහිව සම්බාධක පැනැවීමක් කර ඇත්තේ බලය අත් හැරීමට සූදානමක් නැති සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ට විරෝධය දක්වමිනි.

භූමි කම්පාවලින් හානි සිදුවී ඇත්තේ බටහිර රටවල් නිල වශයෙන් පිළිගන්නා සිරියානු විපක්ෂය සහ එම විපක්ෂයට සහාය දක්වන සන්නද්ධ පිරිස් පාලනයේ පවතින නගර ප්‍රදේශවලටය.

ඇලෙප්පෝ නගරයට ද භූමි කම්පාවෙන් දරුණු ලෙස හානි සිදුවී තිබේ. සිරියානු රජයට අයත් සහ විපක්ෂයට අයත් ලෙස එරට ප්‍රදේශ සහ නගර බෙදි ඇත්තේ සිරියානු සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසය. මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ 2011 වසරේදීය.

(රොයිටර්)


RECOMMEND POSTS