සම්පූර්ණයෙන් වීවෘත කරන්න අවසර



ඩුබායි නුවර සාප්පු සංකීර්ණ සහ පෞද්ගලික ව්‍යාපාර සම්පූර්ණයෙන් නැවත විවෘත කිරීමට ඉදිරියේදී අවසර හිමි වන බව වාර්තා වේ.

ඩුබායි ආර්ථිකය සංචාරක සහ ආගන්තුක සත්කාරය සේවාවන් මත රඳා පැවතීම හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරීමසමගම ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇත.

කොරෝනා වසංගතයට පෙර එමිරේට්ස් ගුවන් සේවය රටවල් 83 ක ගමනාන්ත 157 ක් වෙතපියාසර කළ අතර, කොරෝනා වසංගතය ආරම්භයත් සමඟ මාර්තු මාසයේ මගී ගුවන් ගමන් යළි ආරම්භ කරමින් සීමිත ගමනාන්ත කීපයකට ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS