සම්පූර්ණ වැටුප දෙනවා: එමිරේට්ස් කියයි



එමිරේට්ස් ගුවන් සමාගම තම සේවකයන්ට සම්පූර්ණ වැටුප ලබාදීමට කටයුතු කරන බව නිවේදනය කර ඇත.

කොරෝන් වසංගතය හේතුවෙන් විශාල ලෙස ගුවන් සමාගම පාඩු ලැබූ අතර, ලබන මාසයේ (ඔක්තෝබර්) සිට සම්පූර්ණ වැටුප ලබාදෙන බවට ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

තම ගුවන් සමාගම ගමාන්ත 84කට ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවත්, ලාගෝස් සහ අබුජා යන නගරවලට ගුවන් ගමන් ජාලය පුළුල් කළ බව මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS