සමරු මුද්දරයක්



2019 ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදක්වා ඇති බව වාර්තා වේ.

ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය 17වන වරට ආසියානු පාපන්දු සම්මේලනය සංවිධානය කරනු ලබයි.

2019 ජනවාරි 05 දින සිට පෙබරවාරි 01 දින දක්වා ඕස්ට්‍රේලියාවේදි පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා රටවල් 24ක් සහභාගි වෙයි.

වසර හතරකට වතාවක් පැවැත්වෙන ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය 1956 දි ආරම්භ කර ඇති අතර සාමාජික රටවල් සංඛ්‍යාව 24 කි.

ඩිරාම් හතරක් (04) වටිනා මුල්දින කවර 4,000ක් සහ ඩිරාම් පහක් (05) වටිනා විශේෂ තැපැල්පත් 1,000ක් පළමු දින නිකුත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS