සමරු පදක්කම් 2ක් එළිදකියි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පැවැත්වෙන එක්පෝ 2020 ඩුබායි ප්‍රදර්ශනය සැමරීම නිමිත්තෙන් සමරු පදක්කම් දෙකක් එළිදක්වා ඇති බව වාර්තා වේ.

පිරිසිදු රත්‍රං ග්‍රෑම් හතකින් රත්‍රං පදක්කමද, පිරිසිදු රීදි ග්‍රෑම් හතළිහකින් රිදී පදක්කම නිර්මාණය කර ඇති අතර, ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලින් පදක්කම් ලබාගත හැකිය.එක්ස්පෝ 2020 ඩුබායි ප්‍රදර්ශන ලාංඡනය පදක්කම්වල කැටයම් කර ඇත.

රත්‍රං පදක්කම ඇමරිකානු ඩොලර් 730කට සහ රිදී පදක්කම ඇමරිකානු ඩොලර් 130කට මිල කර ඇත.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පුද්ගලිකව හිමිකාරීත්වය දරන “The New Zealand Mint’’සමාගම අරාබි ලෝකයේ විශාලතම උත්සවය වන එක්පෝ2020 ඩුබායි ප්‍රදර්ශනය සැමරීම නිමිත්තෙන් රන් හා රිදී පදක්කම් නිර්මාණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS