සබඳතා තවත් ශක්තිමත් වෙයි



ඉරාන උප ජනාධිපති ඉෂාක් ජහන්ගිරීගේ ඉරාක සංචාරයත් සමඟ ඉරානටය සහ ඉරාකය අතර සබඳතා තවත් ශක්තිමත් වී ඇති බව වාර්තා වේ.

ඉරාක රජය එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්වාදීන් අඩපණ කිරීමෙන් පසු ඉරාකය යළි ගොඩනැගීම මේ වනවිට සිදුවෙමින් පවතී.

ඉරාකයේ සංවර්ධන කටයුතුවලට සහාය දෙන්නේ ඉරානයයි. අසල්වැසියන් වන ඉරාකය සහ ඉරානය කලක් පසමිතුරෝ වූහ.

ඉරාකය සහ ඉරානය අතර සබඳතා ශක්තිමත් වීමට හේතුවක් වූයේ දයේෂ් ත්‍රස්තවාදීන් පරාජය කිරීමේදී ඉරාන හමුදාවේ සහාය ඉරාක රජයට සහ හමුදාවට හිමිවීමය.

ඉරාකයේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීමට ඉරානයේ සහාය උපරිමයෙන් ලබා දෙන බව ඉරාන උප ජනාධිපතිවරයා ඉරාක රජයට ප්‍රතිඥා දුන්නේය.

(රොයිටර්)


RECOMMEND POSTS