සදාකාලික මිතුරන් පාගමන



කුවේට් රාජ්‍යය සහ පිලීපීනය අතර සබඳතාවයන් ශක්තිමත් කිරීමේ අරමුණින් විශාල පිලිපීන ජාතිකයින් සහභාගි වන පාගමනක් 16 වන සිකුරාදා කුවේට් නගරයේ සංවිධානය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කුවේට් ජාතික ආචාර්ය කලීඩ් අල්-එන්සි පිලීපීන ජාතිකයින් සමඟ එක්ව පාගමන සංවිධානය කරන අතර පාගමන “සදාකාලික මිතුරන්’’ යන නමින් නම් කර ඇත.

පිලිපීන ජාතිකයින් 265,000කට වැඩි සංඛ්‍යාවක් කුවේට් රාජ්‍යයට ශ්‍රම දායකත්තවය ලබාදෙන බව අලුතින් එළිදක්වන ලද වාර්තාවක සඳහන් කර ඇත.

රටවල් දෙක අතර සම්බන්ධතාවයන් ශක්තිමත් කිරීම සඳහා පවත්වන පාගමනට සම්බන්ධ වන ලෙස මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට ආචාර්ය කලීඩ් අල්-එන්සි ආරාධනා පත්‍ර යවා ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS