සතුන් සමඟ ගණුදෙනු එපා:සෞදිය කියයි



කොරෝනා වෛරසය හේතුවෙන් ගෘහස්ථ හා සංක්‍රමණික සතුන් හා පක්ෂීන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේසම් වන ලෙස නියෝග කර ඇත.

සෞදි අරාබිය තුළ කොරෝනා වෛරස් රෝගය (2019-nCoV)  පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස අදාල නියෝගය නිකුත් කිරීමට පරිසර, ජල හා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ සෞදි වනජීවී අධිකාරිය කටයුතු කර ඇත.

සෞදි අරාබියේ මේ දක්වා කිසිදු කොරෝනා වෛරස් රෝගියෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය තව්ෆික් අල්-රබියා පැවසීය.

සෞදි අරාබියේ තුළ කොරෝනා වෛරසය පවතින බවට තවමත් තොරතුරු නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS