සතුන් මිලදී ගැනීම විකිණීම ඩුබායිහි තහනම්



ඩුබායි හි සතුන් හා කුරුල්ලන් විකිණීම හෝ මිලදී ගැනිම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇත. සිංහයන්, චීටාවන්, දිවියන්, හයිනාවන්, කිඹුලන්, කැලෑ බල්ලන්, උරගයින්, උකුස්සන් මෙන්ම ගිජුලිහිණියන්  ද මෙසේ තහනම් කරන ලද සත්ව විශේෂ අතර සිටින බව පැවැසෙයි.

ඩුබායි නගර සභාව නිවේදනය කර ඇත්තේ මෙම තහනම ලබන ජුලි මාසයේ සිට බල පැවැත්වෙනු ඇති බවය.  මෙම තහනම පනවන්නේ  භයානක සතුන් ගෙන් සිදුවන හානි වලින් ජනතාව බේරා ගැනීමට යැයි ද ඩුබායි  නගර සබාවේ මහජන සෞඛ්‍ය දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ සුහුර් අල් සභා මහතා පවසා තිබේ. නව නී්ති අනුව සියලු දැනට එහි ඇති සියලු දඩයක්කාර සතුන් ඩුබායි නගර සභාවේ ලියාපදිංචි කළ යුතුය.

බළලුන්, බල්ලන්, මීයන්, ගවයින්, බැටලුවන්, ඔටුවන් ඇතුළු සතුන් මෙම තහනමට ඇතුළත් නොවනු ඇත. කෙසේ වෙතත් සීබ්‍රාවන්, අප්‍රිකානු කැලෑ බුරුවන් ජිරාෆ්, රයිනෝසිරස්, වළසුන්, මාංශ භක්ෂක මුගටින්, හෝතබුවන්, මෙන්ම පැස්බරුන්, උකුස්සන්, ලිහිණියන්, වවුලන්, මකුළුවන්, ගෝනුස්සන්, කටුස්සන්, සර්පයින් වැනි සතුන් ද මෙම තහනමට අදාල වේ.

විනීතා එම් ගමගේ

 

 


RECOMMEND POSTS