සතුන් පෙන්වා පෙම්වතිය පරීක්ෂා කරලා



විවාහ ගිවිස ගැනීමේදී පෙම්වතියගේ නිර්භීතභාවය පරීක්ෂා කිරීමට  සිංහයන්, යෝධ පිඹුරන් යොදා ගනිමින් අපූරු පරීක්ෂාවක් සිදු කළ සර්කස්කාරයෙක් ගැන ඊජිප්තුවෙන් වාර්තා වේ.

අපූරු පෙම්වතා වන්නේ මොහොමඩ් අල් යමානි නැමැති විසි තුන් හැවිරිදි තරුණයෙකි.මේ අපූරු සර්කස්කරු ගේ පෙම්වතිය තවමත් විසි හැවිරිදි වියේ පසුවන්නියකි.

සූවස් ඇළ අසල පිහිටි ගම්බද නගරයකදී සර්කස් ප්‍රදර්ශනයන් පවත්වමින් සිටින අතරවාරයේදී විවාහ ගිවිස ගන්නා අතර මෙහිදී අල් යමානි විසින් එකවරම යෝධ පිඹුරෙකු සිය පෙම්වතියගේ කරමත දමා මෙලෙස නිර්භීත භාවය පරීක්ෂ කළේය.පසුව ඔහුද සිංහ පැටවෙකු සිය කරමත තබා ගනිමින් සිය පෙම්වතිය ළගට පැමිණියේය.

ඔහුගේ මෙම අනේපේක්ෂිත ක්‍රියාවෙන් පෙම්වතියේ පවුලේ උදවිය මෙන්ම අල් යමානිගේ පවුලේ උදවිය පවා පුදුමයට පත්විය.

සිය පෙම්වතිය මෙලෙස පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අල් යමානි කියා සිටියේ තමන් ඇය සමඟ සිංහ කූඩුව අසලට යන විට ඇයගේ මුහුණෙන් දැඩි බියක් පළ කෙරී තිබූ බවත් ,නමුත් සතුන් හීලෑ කර ගැනීමේ උපක්‍රමයන් ගැන කළ යුතු දෑ ගැන කියා දීමෙන් ඇය තුළ පැවති බිය සමනය වූ බව අල් යමානි කියා සිටියේය.

මේ ඊජිප්තු පෙම්වතාගේ අපූරු පරීක්ෂාව ගැන ඊජිප්තු සමාජ ජාල ඔස්සේ ලැබෙන්නේ මිශ්‍ර ප්‍රතිචාරයන්ය.ඇතැම් සමාජ ජාල ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාව සත්ව හිංසාවක් වන බවය. තවත් පිරිස් මේ සර්කස්කරු ගේ ක්‍රයාව ගැන විමතියට පත්ව සිටිති.

(තිළිණි ද සිල්වා)

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS