සති අන්තයේ තුර්කියට තහංචි



තුර්කියේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ඉහළ යෑමට පටන් ගෙන ඇති බැවින් එලැඹෙන සති අන්තයේ සංචරණ සීමා පැනැවීමට පියවර ගන්නා බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත.

සති අන්තයේ රාත්‍රී කාලයට නිරෝධායන ඇඳිරි නීතිය පැනැවීමට ද කටයුතු කරන බව තුර්කි ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙසේ සංචරණ සීමා සහ ඇඳිරි නීතිය පැනැවීමට සිදුවී ඇත්තේ පෙරේදා (30) දිනයේ ආසාදිතයන් 31,219 දෙනකු වාර්තාවීම සැලකිල්ලට ගනිමිනි. පසුගිය දින කීපය පුරාවට තුර්කියෙන් ආසාදිතයන් වාර්තා වූයේ 30,000 පසු කරමිනි. ඒ අනුව සති අන්තයේ රාත්‍රී 9 සිට අලුයම 5 තෙක් ඇඳිරි නීතිය බල පැවැත්වෙන අතර, දහවල් කාලයේ හැකිතාක් නිවෙස්වල රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස් ලැබී ඇත.

අන්කාරාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS