සටන් විරාමයකට සූදානම්



සටන් විරාමයක් සඳහා තමන් සූදානම් යැයි ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානය පවසයි.

හමාස් යනු ගාසා තීරයේ ක්‍රියාත්මක සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සැදුම්ලත් සංවිධානයයි. එය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කරගන්නේ සන්නද්ධ අංශයයි.

පසුගිය දා  පලස්තීනුවන්ගේ වෙඩි ප්‍රහාරයකින් ගාසා තීරයේ දේශසීමාවේදී, ඊශ්‍රායල සොල්දාදුවෙක් මියගියේය. එම ප්‍රහාරයට විරෝධය පළ කළ ඊශ්‍රායල හමුදා ගාසා තිරයේ හඳුනාගත් හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය.

එම ගුවන් ප්‍රහාරවලින් හමාස් සාමාජිකයන් පමණක් නොව, පලස්තීන සිවිල් වැසියන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව මාධ්‍ය වාර්තා කළේය. සටන් විරාමයකට තමන් සූදානම් යැයි හමාස් සංවිධානය දැනුම් දුන්නේ ඉන්පසුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS