සටන් විරාමයකට කැමැතියි



එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීමට කන් දෙමින්, සටන් විරාමයකට යෑමට තමන් කැමැති බව යේමන රජයට එරෙහිව සටන් වදින ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවෝ පවසති.

යේමනයේ හොදයිදා නමැති වරාය නගරය මුල්කොට ගනිමින් පසුගිය සති කිහිපය පුරා දරුණු සටන් පැවැතිණි. එම සටන්වලින් මියගිය යේමන සිවිල් වැසියන් ගණන 10,000 කට වැඩිය. උන්හිටිතැන් අහිමිවුණු පිරිස ලක්ෂය ඉක්මවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීමට කන් දී, සෞදි සහ එක්සත් අරාබි එමීර් හමුදා ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර වහා නවත්වන බව හවුති කැරැලිකරුවෝ ඊයේ (19) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියහ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS