සටන් විරාමය මැද බෝම්බ පිපිරේ



සටන් විරාමය අතරතුරේ යේමනයේ රතු මුහුද ආශ්‍රිත හොදෙයිදා වරාය නගරයේ බෝම්බ පිපිරීම් සහ අවි ගැටුම් හටගෙන ඇතැයි වාර්තා වේ.

සෞදියේ සහාය ලැබෙන යේමන රජයේ පාර්ශ්වය සහ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් හවුල් කර ගනිමින්, දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා සටන් විරාමයක් පිහිටුවා ගැනීම සිදු කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වීමෙනි.

හොදෙයිදා නගරය හවුති සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවෙයි. සටන් විරාමය මැද නගරයට මිසයිල ප්‍රහාර පවා එල්ල වී ඇති බව ද යේමන පුවත් සේවා වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS