සටන් අවසන් වෙන්න ළඟයි



ත්‍රස්වාදයට එරෙහි සටන් අවසන් වීමට නියමිත බව, සිරියානු නියෝජ්‍ය අගමැතිවරයා මෙන්ම එරට විදේශ ඇමැතිවරයා ලෙස ද කටයුතු කරන වලීද් අල් මෝලියම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියේය.

වසර 7 ක සිවිල් යුද්ධය අවසන් වෙමින් පවතින බව විදේශ ඇමැතිවරයා ලෝක නායකයන් හමුවේ පවසද්දී, මහා හඬින් අත්පොළසන් නාදයක් ඊට හිමිවිය. ‘යුද්ධය අවසන් වෙන්නයි යන්නේ. මම විදෙස්ත වුණු සිරියානු සරණාගතයන්ට කියනවා. බය වෙන්න දෙයක් නැහැ ආපසු සිරියාවට එන්න’ යැයි විදේශ ඇමැතිවරයා කියා සිටියේය.

ඉස්ලාමීය ත්‍රස්තවාදින්ගේ සහ සන්නද්ධ විපක්ෂ ක්‍රියාකාරීන්ගේ ග්‍රහණයේ පවතින්නේ සිරියාවේ ඉඞ්ලිබ් පළාත පමණය. එය මුදා ගැනීමට සටන් ආරම්භ කරන බව සිරියානු හමුදාව දන්වා ඇත.

ඉඞ්ලිබ් වැසියන්ට අනතුරක් නොවන ආකාරයට ත්‍රස්තවාදීන්ට පහර දී ඉඞ්ලිබ් පළාත මුදා ගැනීම සිදුකරන බව ද විදේශ ඇමැතිවරයා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන 73 වැනි ජගත් මහ සමුළුව අමතමින් අවධාරණය කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS