සංචාරයන්ට සෞඛ්‍ය රක්ෂණය අනිවාර්යයි



විදේශ රටවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන කුවේට් ජාතිකයන් කොවිඩ්-19 සෞඛ්‍ය රක්ෂණයක් ලබාගත යුතු බව කුවේට් රජය නිවේදනය කරනවා.

කොරෝනා වෛරසය ආසාදනය වන කුවේට් ජාතිකයන්ට ප්‍රතිකාර කිරීමේ පිරිවැය පියවා ගැනීමේ අරමුණින් අදාල රක්ෂණය ලබාගත යුතු බවට නියෝග කර ඇත.

අදාල රටවල තානාපති කාර්යාලවලට ප්‍රතිකාර කිරීමේ පිරිවැය දැරීමට නොහැකි බැවින් සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගත යුතු බවට නියෝග කළ බව කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS