සංචාරයකට ආරධනා කරලා



ඇමරිකා එක්සත් ජනපදයේනිල සංචාරයකටගොස් සිටින කුවේට් නායක, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභා නිල සංචාරයක් සඳහා කුවේටයට පැමිණෙන ලෙස ඇමරිකානු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධන කර ඇති බව වාර්තා වේ.

නිල සංචාරයේදි, විවිධ අංශවල සංයෝගිතාවය ඇති කරගැනීම, ගල්ෆ් කලාපය මුහුණ දී ඇති ප්‍රශ්න, කුවේටය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ශක්තිමත් සබඳතාවයක් ඇති කරගැනීම පිළිබඳව නායකයන් දෙදෙනා වැඩි අවධානයක් යොමු කර ඇත.

ගල්ෆ් කලාපයේ මෙන්ම අන්තර්ජාතිකව සාමය ඇති කිරීමේදි ඇමරිකා එන්සත් ජනපදය සමඟ සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමට කුවේට් රාජ්‍යය කැමැත්තේ සිටින බව ඇමරිකානු සංචාරය නිම කිරීමෙන් පසු කුවේට් නායකයා ප්‍රකාශ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS