සංචාරය සාර්ථකයි



ඊජිප්තු ජනාධිපති, අබ්දෙල් ෆාටා අල්-සීසි පසුගිය දා තෙදින නිල සංචාරයක් සඳහා ඕමානයට පැමිණි බවත් එම සංචාරය ඉතා සාර්ථක එකක් වූ බවත් ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඕමාන් රාජකීය පොලීසියේ උත්තමාචාර මැද ඊජිප්තු ජනාධිපතිවරයාව ඉතා උණුසුම් ආකාරයෙන් ඕමාන් සුල්තාන්,කාබූස් බින් සෙයිඩ් පිළිගත් බව වාර්තා වේ.

නායකයින් දෙදෙනා ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇති අතර දෙරටටම වැදගත් වන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව වාර්තා වේ.

ඕමානය සහ ඊජිප්තුව අතර ඵලදායි ආකාරයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවන් වර්ධනය කර ගන්නා අකාරය මෙන්ම ගැටලු තත්ත්වයන් ඇතිවන අවස්ථාවන් වලදී සහයෝගයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳවද සාකච්ඡා කර ඇත.

ඊජිප්තු නාකයකයා පිළිගැනීමේ අවස්ථාවට ඕමානයේ ඉහළ පෙලේ දේශපාලඥයින් කීපදෙනෙකු සහභාගි වී සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS