සංචාරය කරන්න බිලියන 16.5ක්



කුවේට් ජාතිකයන් විදේශ සංචාර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 16.5 වියදම් කර ඇති බව වාර්තා වේ.

2018 වසරට සාපේක්ෂව 2019 වසර තුළ වියදම් කර ඇති මුදල් ප්‍රමාණය 10% කින් ඉහළ ගොස් තිබෙන බව කුවේට් මහබැංකුව නිකුත් කළ සංඛ්‍යාලේඛනවල සඳහන් කර ඇත.

2018 වර්ෂය තුල වියදම් කර ඇති මුළු මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 14.8ක් වන අතර 2016 සිට 2019 දක්වා විදේශ සංචාරයන්සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය 37%කින් වැඩිවී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS