සංචාරකයන්ට පිහියෙන් ඇනලා



ඊජිප්තුවේ රතු මුහුද ආසන්නයේ පිහිටා ඇති සංචාරක හෝටලකදි සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් පිහි ඇනුමක් සිදු කිරීම හේතුවෙන් ජර්මානු කාන්තා සංචාරකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී  තවත් සංචාරකයින් හතර දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු ආරක්ෂක අංශ ප්‍රකාශ කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කයිරෝ නගරයෙන් පිටත පිහිටා තිබෙන පිරමීඩ ආසන්නයේදි පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කිරීමෙන් පැය කීපයකට පසු සංචාරකයින්ට ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

පිහි ඇනුම සිදු කිරීම සඳහා හේතුවු කරණු මෙතෙක් හෙළිවී නොමැති අතර පිහි ඇනුම සිදු කළ වයස අවුරුදු 20ක පුද්ගලයා මුහුදෙන් පිහිනා ගෙන පැමිණ සංචාරක හෝටලයට ඇතුළු වී ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය.

ඝාතකයා අත්අඩංගුවට ගැනීම ඊජිප්තු පොලීසිය වහාම පියවර ගත් බව ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. 

පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් වගකීම මෙතෙක් භාර ගෙන නොමැති අතර හම්ස් නම්න් හඳුන්වනු ලබන කුඩා ඉස්ලාමීය අත්තවාදි සංවිධානයක් විසින් ඝාතනය සිදු කරන්නට ඇති බවට ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS