සංචාරකයන් වැඩිපුර පැමිණි නගරය



ගල්ෆ් කලාපයේ වැඩිපුර සංචාරකයන් පිරිසක් පැමිණි නගරය ලෙස ඩුබායි නගරය ශ්‍රේණි ගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ ඇත.

ලෝක මට්ටමින් හත්වන ස්ථානය දිනාගැනීමට ඩුබායි නගරය සමත් වී ඇත.

යුරෝමොනිටර් ඉන්ටර්නැෂනල් ආයතනය මෑතකදී නිකුත් කරන ලද "Top 100 City Destinations - 2019 Edition" නැමති වාර්තාවේ අදාල තොරතුරු සියල්ල සඳහන් කර ඇත.

ඩුබායි නගරයට සංචාරකයන් 16,328,300ක් 2019දි පැමිණ ඇති අතර 2018 වර්ෂයේදි පැමිණ ඇත්තේ මිලියන 16කි. 2018 වර්ෂයට සාපේක්ෂව සියයට 2.6ක වර්ධනයකි.

මක්කම නුවරට මිලියන 9.8ක්, මදීනා නුවරට මිලියන 8.8ක්, කයිරෝ නුවරට මිලියන 6.8ක් සහ රියාද් නුවරට මිලියන 5.4ක් සංචාරකයන් පැමිණ ඇත.

ලෝක මට්ටමින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ හොංකොං නගරයට වන අතර සංඛ්‍යාත්මකව මිලියන 26.7ක් වේ.

බැංකොක් (මිලියන 25.8), ලන්ඩන් නුවර (මිලියන 19.5), මැකාවු (මිලියන 20.6), සිංගප්පුරූව (මිලියන 19.7), පැරිස්, ඩුබායි, නිව්යෝර්ක්, ක්වාලාලාම්පූර් සහ ඉස්තාන්බුල් නගර දහය වේ.

ඉන්දියානු නගර දෙකක් වන දිල්ලිය සහ මුම්බායි නගර පිළිවෙලින් එකොළොස් වැනි සහ දාහතරවැනි ස්ථාන හිමි කරගැනීමට සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS