සංචාරක වීසා දෙන්න හදයි



සෞදි අරාබිය විදේශීකයන්ට සංචාරක වීසා නැවත ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

2021 මුල් භාගය වන විට විදේශීකයන්ට සංචාර වීසා නිකුත් කිරීමට කටයුතු කරන බව සෞදි සංචාරක අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

සංචාරක ව්‍යාපාරය යනු ආර්ථිකය තෙල් මත යැපීම අවම කිරීම සඳහා වූ ප්‍රතිසංස්කරණ උපාය මාර්ගයේ ප්‍රධාන කොටසක් බව සෞදි ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් ප්‍රකාශ කරනවා.

නව සංචාරක වීසා බලපත්‍ර රටවල් 49කට නිකුත් කරමින් 2019 සැප්තැම්බර් මාසයේ සිට විදේශීය සංචාරකයන්ට සෞදි අරාබියට පැමිණීම සඳහා සෞදි රජය දොරටු විවෘත කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)  

RECOMMEND POSTS