සංචාරක බසයකට බෝම්බ



ඊජිප්තුවේ ගීසා පිරමීඩ නැරැඹීමට යමින් සිටි විදෙස් සංචාරකයන් පිරිසක් රැගත් බස් රියක් බෝම්බ ප්‍රහාරයට හසුවිය.

බෝම්බය මාර්ගය අසල අටවා තිබුණු අතර, බස් රථය එතැන පසුකරද්දී එය පුපුරා ගොස් ඇත.

බස්රියේ සිට ඇත්තේ වියට්නාම් සංචාරකයෝ පිරිසකි. ඔවුන්ගෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 12 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS