සංගීත පාඩම කුවේටය කලඹයි



සංගීතය ඉගැන්වීම කුවේට් අධ්‍යාපනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් පිරිසක් ට්විටර් සමාජ ජාල වෙඩ් අඩවිය ඔස්සේ බලපෑම් කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

සංගීතය ශරියා නීතියට පටහැනි බවත් කුරානයේ ඇති පාඨ කියවීමට දරුවන්ට අවස්ථාව ලබාදෙන ලෙස ට්විටර් සමාජ ජාල වෙබ් අඩිවිය ඔස්සේ අදහස් පළ කරන කණ්ඩායම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

පාසල් දරුවන්ගේ විනෝදස්වාදය වැඩි කිරීමටසංගීතය පාසල් විෂය මාලාවට එක්කර ඇති බව දෙමාපියන් පෙන්වා දී ඇත. 

පාසල් විෂය ධාරාවෙන් සංගීතය ඉවත් කිරීම අන්තවාදයට උදව්කිරීමක් බව තවත් කණ්ඩායමක් ට්විටර් සමාජ ජාලවෙබ් අඩවියේ පළ කොට ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS